Wednesday, July 3, 2013

රංජිත් රත්නායක මුස්ලීම් අය සමග එකතු වී බොදු සංවිධාන වලට ගරහයි.

අහෝ රන්ජිත් නොදිටි මොක්පුර ! නැගී එන බොදු බලය ඉවසා දරාගත් නොහී රන්ජිත් ! ඇයි ඔබතුමා මේ තරම් කෙනහිලිකම් කරන්නෙ.

මොහු විසින් මොහොතකට පෙර පලකල ස්ටෙටස් අප්ඩේට් එකට සහය පලකරන මුස්ලිමුන් ,බොදු බල සේනාවට අපහාස කරයි !


බෞද්ධ ස්වාමීන් වහන්සේලාට නොයෙක් වචන වලින් අපහාස කරන බොහෝ අවස්ථා මුහුණු පොතේ දැක ඇත්තෙමි. එවැනි අයට බණ කීමට අවශ්යප නැතත් ඔවුන් ගැන උපන් අනුකම්පාවෙන් යම් මතක් කර දීමක් පමණක් කිරීමට සිතේ. අප වැනි ගිහියන් ශීලයෙන් කොතරම් උසස් වුවත් පැවිදි ස්වාමීන්වහන්සේලාට වඩා අප සිටින්නේ පහළිනි. අති පූජ්යන රේරුකානේ චන්දවිමල මහ නායක ස්වාමීන් වහන්සේ වදාළ ඉතා වැදගත් කරුණක් මට සිහිපත් වේ. උන් වහන්සේ වදාළ පරිදි සමාජය කොටස් දෙකකට බෙදේ. ඒ "ගිහි" සහ "පැවිදි" යනුවෙනි. ඒවා නැවත කොටස් හතරකට බෙදෙන්නේ "ගිහි සිල්වත්- ගිහි දුසිල්වත්" සහ "පැවිදි සිල්වත්-පැවිදි දුසිල්වත්" යනුවෙනි. උන් වහන්සේ වදාළ පරිදි සිල්වත් ජීවිතයක් ගත කරන ගිහියෙකුට වඩා දුසිල්වත් භික්ෂුව උසස් වන්නේ උන් වහන්සේ බුදුරජාණන් වහන්සේ විසින් ඇති කරන ලද මහා සන්ඝරත්නයට අයත් වන බැවිනි. කරුණු හරිහැටි නොදත් ගැමියන් "මම වැන්දේ හාමුදුරුවන්ට නෙමෙයි චීවරේට" යනුවෙන් කරන ප්රරකාශයට පදනම් වී ඇත්තේද මෙයයි.

අප කෙතරම් සිල්වත් උවත් අප බුදුරජාණන් වහන්සේ විසින් ඇති කරන ලද මහා සන්ඝරත්නයට අයිති නැති නිසාවෙන්, මහා සන්ඝරත්නයට අයත් ස්වාමීන් වහන්සේලාට නොයෙක් වචනයෙන් ආමන්ත්රිණය කිරීමෙන්, අපහාස කිරීමෙන් බොහෝ පව් සිදු වේ. ඒ පව් ගෙනියන්නේ වෙන කවුරුවත් නොව එසේ කරන පුද්ගලයායි. එබැවින් ස්වාමීන්වහන්සේලාට අපහාස කිරීමට පෙර මඳක් සිතන්න.

වී වගා කළ පුද්ගලයාට වී අස්වැන්න ලැබෙන අතර තල වගා කළ පුද්ගලයාට තල අස්වැන්න ලැබේ. කරුණු කාරණා එසේ නම් අප දැන දැන පව් සිදු කරගන්නේ ඇයි? මොහොතක ආවේගයට යට වී හාමුදුරුවන්ට බැන්නත් ඒ පව් ගෙවිය යුත්තේ තමන්ම නොවේද? ආවේගයෙන් බනිද්දී හිතට මහා සතුටක් දැනුණත් ඒවා ගෙවද්දී ඉතාම දරුණු විපාක ගෙනදෙයි. හරියට "කකුලුවා දිය රත්වෙනතුරු වතුර හැලියේ දිය කෙලියා" සේය.

හොඳයි, යම් ස්වාමීන්වහන්සේ නමක් වැරැද්දක් කළා යැයි සිතමු. ඉතින් ඒ වරදට අයිති කර්මය ගෙවන්නේ අපිද? නැත. උන් වහන්සේ වරදක් කළානම් එම වරදට අයත් කර්මය විපාක දෙන්නේද උන් වහන්සේටමය. එසේනම් වරද කළ උන් වහන්සේට කුණුහරුපෙන් බනින්නට ගොස් අපිත් එවැනිම කර්මයක් සිදු කරගන්නේ ඇයි? වරද කළ පුද්ගලයාට එය ගෙනයන්නට ඉඩ දෙන්න. එබැවින් මුහුණු පොතේ වීරයෙකු වීමට ගොස් පව් සිදු කරගෙන "කරන කලට පව් මිහිරිය මී සේ- විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ" කියන්නා සේ ගෙවීමට තවත් පවු එකතු කර නොගෙන අපගේ සිත , කය, වචනය පාළනය කරගැනීමට උත්සාහ ගනිමු.